අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක් අද(30) සිදු විය.
මෙම හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය.
මෙහිදී චීන රජයේ ත්‍යාගශීලීත්වය සහ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතාට තම කෘතවේදීත්වය පුදකර තිබේ.
දෙරට අතර ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීම සදහා වන ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම දෙරටේ සහයෝගීතාවයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇතැයි අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
