Language Switcher

Ad

Ad 01

V2025

ජොනීට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔහුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමටයි, කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි  නියෝග කළේ.

එම සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට බාධා නොකරන ලෙසද හිටපු අමාත්‍යවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එසේම ඔහුට විරුද්ධව ගොනුකර ඇති තවත් චෝදනාවකට එළැඹෙන ජනවාරි 27 වෙනිදා මහාධිකරණයේ විභාගවන නඩුකරයක් සඳහා පෙනී සිටින ලෙසත් ඒ පිළිබඳ සාධක කොටුව අධිකරණයේ ගොනුකරන ලෙසත් මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි  නියෝග කළාය.

කොළඹ – හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු පසුගියදා (23) අත්අඩංගුවට ගනු ලැබීය.