Language Switcher

Ad

Ad 01

V2025

මුදල් අච්චු ගැසුවා ද ? - ඇමති විජිතගෙන් සැර ප්‍රතිචාරයක්

වත්මන් රජය විශාල වශයෙන් ණය ලබා ගෙන ඇති බව සහ මුදල් මුද්‍රණය කර ඇති බවට ගෙන යන ප්‍රචාර කිසිදු සත්‍යතාවයකින් තොර
බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමති විජිත හේරත් ප්‍රකාශ කළේය.

මෙම වසර වෙනුවෙන් පසුගිය ආණ්ඩුව පාර්ලිමේන්තුවෙන් අනුමත කර තිබෙන ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය හැර වෙනත් කිසිදු ණය ගැනීමක් දේශීය හෝ විදේශීය වශයෙන් සිදු කර නැති බව ඔහු සඳහන් කළේය.

එමෙන් ම, මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බවට ගෙන යමින් තිබෙන ප්‍රචාරය සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ, වත්මන් මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් මුදල් නෝට්ටු මුද්‍රණය නොකළ බව ය.