නොමිලේ ලබාදෙන WiFi භාවිතා කිරීමේ දී සැලකිලිමත්වන්න

නොමිලේ ලබාදෙන WiFi භාවිතා කිරීමේ දී සැලකිලිමත්වන්න

පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද පැවසුවේ, එවැනි ස්ථානවල වයිෆයි භාවිතා කිරීමේ දී පෞද්ගලික තොරතුරු සොරාගැනීම සම්බන්ධයෙන් වන පැමිණිලි රැසක් සිය සංසදය වෙත ලැබී ඇති බවය.

එබැවින් පොදු ස්ථානවල දී නොමිලේ ලබාදෙන වයිෆයි භාවිත කරමින් අන්තර්ජාල කටයුතු සිදුකිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔහු සදහන් කළේය.

"නොමිලේ ලබා දෙන වයිෆයි සේවාවන් සමගම තවත් පුද්ගලයින්ට පුළුවන් ව්‍යාජ වයිෆයි සේවා ලබා දීලා පොදු මහජනතාව ඔවුන්ගේ සේවාවන් ලබා දීම එම සේවාව හරහා යොමු කරගෙන ඊට පස්සේ ප්‍රවේශවීමට ලබා දෙන මුරපද සහ අනෙකුත් සියලුම තොරතුරු සොරා ගැනීමකට ලක් කරන්න. විශේෂයෙන්ම පොදු ස්ථානවල ඇති වයිෆයි සම්බන්ධතාවයන්වලින් අන්තර්ජාලයට පිවිසීම් සිදුකරනවා නම් කිසිම විටක තමන්ගේ පෞද්ගලික ගිණුම්වලට පිවිසීම, විද්‍යුත් ලිපිනයන්ට ප්‍රවේශවීම සහ ගිණුම් කටයුතු සිදුකිරීම කිසිම වෙලාවක සිදු නොකළ යුතු බව."

(adaderana.lk)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න