ලංකාව, අධ්‍යාපනයට ලොව අඩු ම මුදලක් වෙන් කරන රටවල් අතරින් 3වන තැනට

ලංකාව, අධ්‍යාපනයට ලොව අඩු ම මුදලක් වෙන් කරන රටවල් අතරින් 3වන තැනට

අධ්‍යාපනය සඳහා අඩු ම මුදලක් වෙන් කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලොව තුන්වන ස්ථානය ලබා ගෙන ඇති බව public finance වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

හයිටි රාජ්‍ය හා ලාඕසය ශ්‍රී ලංකාවට වඩා අඩුවෙන් අධ්‍යාපනයට වෙන් කරන බව ත් එම රටවල් මෙම ලැයිස්තුවේ අංක එක හා දෙක ස්ථාන ලබා ඇති බව ත් එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් වියදම් කළ අවම සංවර්ධිත රටවල් ලෙස සියෙරා ලියොන්, මාලි, උගන්ඩාව හඳුන්වා ඇති අතර එම ප්‍රමාණය පිළිවෙලින් 8.8%, 4% සහ 2.6% ලෙස සටහන් වේ.

නමුත් ශ්‍රී ලංකාව අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැය කරන්නේ 1.5% ක් බව ත් එය අඩු ම මුදලක් වැය කළ රටවල් අතරින් 3වන ස්ථානය හිමිකර ගන්නා බව ත් එම වෙබ් අඩවිය සඳහන් කරයි.

public finance වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ, අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම ආර්ථික සංවර්ධනයට සහ මානව අභිවෘද්ධියට අත්‍යවශ්‍ය වන අතර ඊට අරමුදල් ලබා නොදීමෙන් රටකට දියුණුවක් බලාපොරොත්තු විය නොහැකි බව ය.

මානව ප්‍රාග්ධනය සහ ආර්ථික ප්‍රගතිය යන අංශ දෙක ම ශ්‍රී ලංකාවේ අනාගත තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී අභියෝගවලට මුහුණ දිය හැකි බව එම වෙබ් අඩවිය වැඩිදුරට ත් පෙන්වා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න