ප්‍රතික්ෂේප වූ තැපැල් ඡන්ද අයදුම්පත් ගැන හෙළිදරව්වක්

ප්‍රතික්ෂේප වූ තැපැල් ඡන්ද අයදුම්පත් ගැන හෙළිදරව්වක්

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරින් අයදුම්පත් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක  සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබූ බවය.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී තිබේ.

මහ මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අදහස් පළකළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක,

"මේ වනවිට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන්වෙලා තියෙන්නේ. මුළු තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් ලැබී තිබුණා. එයින් 738,050ක් පිළිගෙන තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයට වඩා තැපැල් ඡන්ද 25,731ක වැඩිවීමක් තිබෙනවා මේ ඡන්ද විමසීම සඳහා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කිරීම මේ මාසේ 23 වනදා සිදුකරනවා. ඒ වගේම නිල ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මේ මාසේ 26 වනදාට නියමවී තිබෙනවා. ඒ වගේම තරගයට ඉදිරිපත්වෙන අපේක්ෂකයින් සඳහා ගුවන්කාලය වෙන්කිරීම හෙට දිනයේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා. සියලුම දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයින් සහ ස්වාධීන් කණ්ඩායම්වල නියෝජිතයින් ට ඒ අවස්ථාව සඳහා මේ වනවිට දැනුම්දීලා තිබෙනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න