අරලියගහ මන්දිරේ ආරක්ෂක කුටි ඉවත් කෙරේ

අරලියගහ මන්දිරේ ආරක්ෂක කුටි ඉවත් කෙරේ

අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම ඊයේ (11) කොළඹ මහ නගර සභාව විසින් සිදු කර තිබේ.

2005 සිට වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් පසුගියදා (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබුණි.

මෙසේ විවෘත කර තිබුණේ, ආර්. ඒ. ද මෙල් මාවතේ සිට අරලිය ගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා දිවෙන මාර්ගයයි.

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබා දී තිබුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න