ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත් ශ්‍රී ලංකාවට

ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත් ශ්‍රී ලංකාවට

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ.

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම නියෝජිතයෝ මෙහිදී එකඟ වූහ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයාට කැමැත්ත පළ කළහ.

ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න