චම්පිකගේ ජනරජ පක්ෂය මහ මැතිවරණයෙන් ඉවත්වේ

චම්පිකගේ ජනරජ පක්ෂය මහ මැතිවරණයෙන් ඉවත්වේ

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක නායකත්වය දරන එක්සත් ජනරජ පක්ෂය 2024 මහ මැතිවරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත.

සමගි ජන බලවේගය සන්ධානය සමග සන්ධානගතව සිටි එක්සත් ජනරජ පක්ෂය, සිය තීන්දුව සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත ලිඛිතව දැනුම්දී ඇත.

තවද, මේ පිළිබදව අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

"මේ මැතිවරණ ව්‍යාපාරයෙන් අපි ඉවත්වීමට තීරණය කළා. අපි සමගි ජන සන්ධානයෙන් මහ මැතිවරණය සඳහා තරග කිරීම කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. දිස්ත්‍රික්ක 11කට අපේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ සූදානමින් හිටියා. නමුත් නාමයෝජනා ක්‍රියාවලියේදී අපිට වැටහී ගියා අපිට සාධාරණීකරණය කරන්න බැරි විදියට උල්ලංඝණය වෙලා තිබෙනවා කියලා. ඒ නිස අපි මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න තීරණය කළා."

පාඨලී චම්පික රණවක  2007 වසරේදී ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසිණි.

අනතුරුව 2010 වසරේදී ඔහු එක්සත් ජනතා නිදහස් පෙරමුණ ඔස්සේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තු වරම් ලැබීය.

2015 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු වරම් හිමිකරගත් රණවක  2020 වසරේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසූනි.

නමුත් 2022 ජුනි 08 වනදා සිට ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට ඔහු සහාය දැක්වීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න