පොලිස් පැමිණිලි වාර්තා වූ දිනයේ ම විභාග කරන්න - වැඩබලන පොලිස්පති

පොලිස් පැමිණිලි වාර්තා වූ දිනයේ ම විභාග කරන්න - වැඩබලන පොලිස්පති

පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි වාර්තා වූ දිනයේ ම විභාග කිරීමට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, මෙතෙක් විභාග අවසන් නොවූ පැමිණිලි සති දෙකක් ඇතුළත විභාග කර අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවට වැඩබලන පොලිස්පති විසින් සියලු ම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ දිස්ත්‍රික් භාර නිලධාරීන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

පොලිස් ස්ථාන වෙත සුළු සිද්ධියක් වශයෙන් වාර්තා වන පැමිණිල්ලක් වඩා බරපතල අපරාධයක් බවට පත්වීම හා පොලිසිය කෙරෙහි මහ ජනතාවගේ විශ්වාසය පළුදු වීම වැනි අගතිදායක තත්ත්වයන් වළක්වා ගැනීමට මෙම ක්‍රියාමාර්ගය ගන්නා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි වාර්තා වූ දිනයේ ම විභාග කිරිම ආරම්භ කිරීමටත් පැය 48 ක් ඇතුළත විභාග අවසන් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරට ත් උපදෙස් ලබා දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න