ගාලු කොටුවේ One Way නීතිය අහෝසියි

ගාලු කොටුවේ One Way නීතිය අහෝසියි

ගාල්ල කොටුව තුළ එක් පැත්තකට පමණක් රථ වාහන ධාවනය කිරීම (one way) නීතිය ඊයේ (ඔක්. 04) සිට අත්හිටුවීමට ගාල්ල මහ නගර සභාවේ රථවාහන කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව, අද සිට ගාලු කොටුව තුළට පැරැණි කොටු දොරකඩින් සහ නව කොටු දොරකඩින් පෙර පරිදි ම වාහන ඇතුල්වීම හා පිටවීම සිදු කළ හැකි බව එම කමිටුව සඳහන් කළේ ය.

මෙම මං තීරු නීතිය නිසා තමන් මහත් අපහසුවට පත්ව ඇතැයි ත්‍රිරෝද රථ රියැදුරන්, අධිකරණයට පැමිණෙන ජනතාව, නිතිඥවරු, ව්‍යාපාරිකයින් ඇතුළු මහ ජනතාව ඉකුත් දිනවල චෝදනා එල්ල කර තිබිණි.

ඒ හේතුවෙන්, ගාල්ල කොටුව තුළ (One way) නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බව ගාල්ල මහ නගර සභාවේ රථවාහන කමිටුව වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න