සාමාන්‍ය පාස්පෝට් මිලදී ගැනීමට එරෙහි අතුරු තහනම වෙනස් කෙරේ

සාමාන්‍ය පාස්පෝට් මිලදී ගැනීමට එරෙහි අතුරු තහනම වෙනස් කෙරේ

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට අධිකරණය අද (01) නියෝග කළේය.

කෙසේ වෙතත් ඊ - විදේශ ගමන බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කිරීමට ද කරුණු සලකා බැලු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් සහ ඊ - විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කිරීමට මුල්වූ එපික් ලංකා පුද්ගලික සමාගම ගොනුකර තිබු රිට් පෙත්සම අද (01) යළි කැඳවීය.

එහිදී එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන කියා සිටියේ, මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ හිස් විදේශ ගමන් බලපත්‍ර 13,080ක් පමණක් බවය. එය ප්‍රමාණවත් වන්නේ වැඩ කරන දින 13 ක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පමණක් බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුනි.

 එම ප්‍රමාණය අවසන් වීමෙන් පසු විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බව පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් විදේශ රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු විවිධ කාරණා සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන මහජනතාවට දැඩි අසීරුතාවන්ට මුහුණ පෑමක සිදුවන බව සඳහන් කළේය.

එබැවින් මෙම කරුණු සලකාබලා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට හැකි වනපරිදි දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම් නොවැම්බර් මස 06 වනදා යළි සලකා බැලීමට නියමිතය.

(adaderana.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න