මහජන නියෝජිතයින් පාසල් උත්සවවලට ගෙන්වා ගැනීම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (සැප්. 26) අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ය.
එමෙන් ම, ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදුවූ අසාධාරණයට වහා ම සාධාරණය ඉටුවිය යුතු බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබේ.
ඇය වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, පිට වූ ප්‍රශ්න පිළිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කරන ලෙස ය.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බව ත් විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රතිඵල ලබාදීම කඩිනම් කළ යුතු බව ත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
