නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (සැප්. 24) දිවුරුම් දී තිබේ.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.
ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික සංවර්ධන, බලශක්ති අමාත්‍යංශය, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය, ධීවර හා ජල සම්පත් අමාත්‍යංශය, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග අමාත්‍යංශය ජනාධිපති අනුර කුමාර දිසානායක යටතට පත් කර තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, අධ්‍යාපන, විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශය, කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය ලබා දී ඇත. තව ද, වෙළඳ, වාණිජ,ආහාර සුරක්‍ෂිතතා, සෞඛ්‍ය අමාත්‍යංශය, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය ඇය යටතට පත් කර ඇත.
අමාත්‍ය විජිත හේරත් යටතට ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ලබා දී තිබේ.
එමෙන් ම, පරිසර, වනජීවී, වන සම්පත්, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, නිවාස සහ ඉදිකිරිම් අමාත්‍යාංශය ද ඔහු යටතට පත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
