නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත්කර තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය.
ශ්‍රි ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එම පත් කිරීම කළ බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
ආචාර්‌ය නන්දික සනත් කුමානායක සංර්වධන ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඩී. (Phd) උපාධිධාරියෙක් වන අතර, ශ්‍රී ලංකා රේගුවේ integrity development advisor ලෙස ද කටයුතු කර ඇත.
ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
