ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 77 වැනි වියේ පසු විය.

මොහු ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකා නාට්‍යය සහ රූපවාහිනිය ජයගත් අද්වීතීය නළුවෙක් වන අත‍ර ජනප්‍රිය පිටපත් රචකයෙකු සහ ගී පද රචකයෙකු ද වේ.

මෙවර ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර රට වෙනස් කරන ආකාරය දැක ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා
කරන බව ඩබ්ලිව් ජයසිරි පසුගියදා ප්‍රකාශකර තිබිණ.

ඒ, ගැමුණු වන්නිනායක මෙහෙයවන ''මතක පද'' යූටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවකදීය.

තමන් දේශපාලනය ගැන වැඩි උනන්දුවක් නොදක්වන නමුත්, මෙම ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීම මෙරට ජනතාව අපේක්ෂා කරන අලුත් වෙනසකට මුල පිරීමක් බව, ඔහු එහිදී අවධාරණය කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න