ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත්‍ර ඇගයිම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත්‍ර ඇගයිම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන පරීක්ෂණ නිම වන තෙක් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසයි.

 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු කරන බව ලේකම්වරිය තවදුරට ත් සඳහන් කළාය.

සැප්තැම්බර් 15 වන දා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර සිය සමාජ ජාල, සමූහයකට පළ කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

ඒ අනුව, විභාගය ප්‍රශ්න පත්‍රය සකස් කළ විශේෂඥ මණ්ඩලය සැප්තැම්බර් 17 වන දා මෙම ගැටලුව පිළිබඳව සාකච්ජා කළ අතර එහිදී අදාළ ප්‍රශ්න 3 ඉවත් කර අවසන් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කෙරිණි.

කෙසේ වෙතත්, ඊයේ (සැප්. 19) මෙම ගැටලුව පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න