ගෝඨා - බැසිල් විදේශගත වේ

ගෝඨා - බැසිල් විදේශගත වේ

ජනාධිපතිවරණයට දිනයක් තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අලුයම විදේශ ගතවී ඇත.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අලුයම 3.05ට ඩුබායි බලා පිටත් වූ EK 659 දරණ එමිරේට්ස් ගුවන් සේයට අයත් යානයකින් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය අතර එහි සිට ඔහු ඇමෙරිකාව බලා ගමන් ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු අමාත්‍යවරයා ගුවන් ගොටුපළේ ගෝල්ඩ් රූට් විශේෂ ප්‍රවේශයෙන් ඇතුළු වී ඇති අතර ඔහු ගමන් කර ඇත්තේ තනිවමය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න සහ ජයනත කැටගොඩ ද ඔහු සමඟ ගුමන් තොටුපළට පැමිණ ඇත.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණයට තරග වදින නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන් ඔහු පසුගිය සති කිහිපයේ හි විශාල කාර්ය භාරයක් කර තිබිණ.

මේ අතර මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මිට දින කිහිපයකට පෙර ඉන්දියාවට ගොස් ඇත. ඒ, ආගමික වැඩසටහනක් සඳහා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න