5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුවී ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශනයක් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.
එම පරීක්ෂණ අවසන් වූ වහා ම මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඔහු සඳහන් කළේ ය.
සැප්තැම්බර් 15 වන දා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර සිය සමාජ ජාල, සමූහයකට පළ කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
ඒ අනුව, විභාගය ප්‍රශ්න පත්‍රය සකස් කළ විශේෂඥ මණ්ඩලය සැප්තැම්බර් 17 වන දා මෙම ගැටලුව පිළිබඳව සාකච්ජා කළ අතර එහිදී අදාළ ප්‍රශ්න 3 ඉවත් කර අවසන් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කෙරිණි.
කෙසේ වෙනත්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙසට මව්පියෝ පිරිසක් ඊයේ (සැප්. 18) අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණය නිරතව සිටියහ.
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට එක්ව සිටි මව්පියෝ සඳහන් කළේ, ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවීම හේතුවෙන් සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව ත් නැවත විභාගයක් පැවැත්වුවහොත් ඊට මුහුණ දීමට තම දරුවන් සූදානම් බව ත් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
