මැතිවරණය සඳහා නිවාඩු ලබා දිය යුතු ආකාරය....................

මැතිවරණය සඳහා නිවාඩු ලබා දිය යුතු ආකාරය....................

ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටී.

ඒ  සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මේ පිළිබඳව දැනුවත් කෙරුණි.

ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 04ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවසීය.

ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයින්ටත් පහත පරිදි ඒ ඒ දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබාදීම සිදුකළ යුතු වේ.

කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක්

කිලෝමීටර් 40ත් – 100ත් අතර දුරක නම් දිනක නිවාඩුවක්

කිලෝමීටර් 100ත් – 150ත් අතර දුරක නම් දින එකහමාරක නිවාඩුවක්

කිලෝමීටර් 150ට වැඩි දුරක නම් දින දෙකක නිවාඩුවක්

එහෙත් තමන්ගේ සේවා ස්ථානය බොහෝදුර බැහැර ස්ථානගත වී ඇති සමහර ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට දින තුනක් ගතවෙනවා නම්, ඒ සඳහා ගතවන දින තුනක නිවාඩුව ද ලබාදීමට ආයතන කටයුතු කළ යුතු බව ද මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක  සඳහන් කළේය.

රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩලවල හා ශිෂ්‍යයින්ගෙන් හා ඇඟලුම් කර්මාන්තශාලා ඇතුළු සියලුම පෞද්ගලික සේවා ස්ථානවල සේවකයින්ට ඉහත පරිදි ඡන්දයට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස සියලු ආයතනවලින් මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක  වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න