විවාදයකට අනුර කල අභියෝගය රනිල් බාරගනී

විවාදයකට අනුර කල අභියෝගය රනිල් බාරගනී

අනුර කුමාර දිසානායක විවාදයකට කළ අභියෝගය බාරගැනීමට තමා සුදනම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට මත්තෙන් එම එම විවාදය කිරීමට සූදානම් බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (16) පස්වරුවේ වැල්ලවායේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

'' හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මට විවාදයකට කථා කළා. මම ඒ සඳහා සූදානම් බව පැවසුවා. නමුත් මම තවම බලාගෙන ඉන්නවා. නමුත් තවමත් ආරාධනයක් නැහැ. අද වුවද මම ඊට සූදානම්. ඇයි ඔවුන්ට වාද කරන්න බැරි. ඒ ඔවුන්ට වැඩපිළිවෙළක් නැති නිසා ''

අසීරුවෙන් රට ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න