ඊශ්‍රායලයට ලංකාවෙන් තවත් සාත්තු සේවකයන්

ඊශ්‍රායලයට ලංකාවෙන් තවත් සාත්තු සේවකයන්

ඊශ්‍රායලයේ සාත්තු සේවක (caregiver) රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර, ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 131 වන කණ්ඩායමට අයත් තවත් 21 දෙනෙකුට වීසා, ගුවන්ටිකට්පත් ඇතුළු ලියකිවිලි භාරදීම අද (06) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කරන ලදී. එම කණ්ඩායමට තරුණියන් 18 දෙනෙකු හා තරුණයින් 3 ඇතුළත් වේ. මෙම පිරිස මේ මස 09 වෙනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් වලට අනුව ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමේ අවස්ථාව ද තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න