මහා පරිමාණ ගල්කොරි හිමියන්ට මාලිමාව දෙන්න ගිය මහා දිවා භෝජනයට බාල්දියක් !

මහා පරිමාණ ගල්කොරි හිමියන්ට මාලිමාව දෙන්න ගිය මහා දිවා භෝජනයට බාල්දියක් !

මෙරට විවිධ ප්‍රදේශවල සිටින මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් පිරිසක් එකතු වී මහනුවර තරු හෝටලයක ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු නායකයන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡාවක් පවත්වන අතරතුර ඔවුන්ට දිවා ආහාරය ලබාදීමට සැලසුම් කොට තිබියදී එය වැළැක්වීමට මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් පිරිසක් කටයුතු කොට තිබේ.

මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට කඩා පනින අවස්ථා වේදී මෙරට මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් 25 දෙනෙකු පමණ වීම ස්ථානයේ සිට ඇති අතර, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ පැවැත්වීම වරදක් බව ජාතික ජාතික ජන බලවේගයේ නියෝජිතයන්ට සහ හෝටල් කළමනාකාර්ශ්වයට දැනුම් දීමට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන තිබේ.

පැමිණි පිරිසට දිවා ආහාරය බුෆේ ක්‍රමයට සූදානම් කොට තිබී ඇති අතර, හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිස් සහ විදේශිකයන්ද විශාල ප්‍රමාණයක් ආහාර ලබා ගැනීමට සිටි බැවින් ආහාරවලට සිල් තැබීමට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන නොතිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න