නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙට සිට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙට සිට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් හෙට (සැප්. 3) සිට නිවෙස් වෙත බෙදා හැරීමට කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.

අද (සැප්. 2) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිස්ත්‍රික්ක 25 ම මැතිවරණ කාර්යාල මගින් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කරන බව ය.

ඒ අනුව, සැප්තැම්බර් 14 වන දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව සභාපතිවරයා පැවසීය.

එමෙන් ම, සැප්තැම්බර් 8 වන දා ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

“නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේ දිස්ත්‍රික්ක 25ම මැතිවරණ කාර්යාල මගින් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම සිදු කරනවා. ඒ අනුව, හෙට සිට ඔවුන් සියලු ම නිවෙස්වලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම ආරම්භ කරනු ඇත. ඒ වගේ ම, 14 වෙනිදා දක්වා මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු වෙනවා. මේ මාසේ 8 වෙනිදා ඉරිදා දිනයේ විශේෂ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ දිනයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ සතියේ 4 වෙනිදා සියලු ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිස් ස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වෙනවා. 5,6 දිනවල සෙසු රාජ්‍ය ආයතනවල ඒ වගේ ම, පාසල්, අනෙකුත් ආරක්ෂක ස්ථානවල තැපැල් ඡන්ද ලකුණු කිරීම සිද්ධ වෙනවා. “

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න