මියගිය ජනපතිවරණ අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් අයෙකු පත් කළ හැක - මැ.කො.

මියගිය ජනපතිවරණ අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් අයෙකු පත් කළ හැක - මැ.කො.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙක් මේ වනවිට අභාවප්‍රත්ත වී සිටින අවස්ථාවක ඔහු වෙනුවෙන් වෙනත් අයෙකු එම දේශපාලන පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන් එම ලකුණ යටතේ නම් කිරීමට අවස්ථාව පවතින බවද කොමසාරිස් ජෙනරාල්වරයා  පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ, අද (23) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. 

එහිදී ඒ පිළිබද තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

තවද, වෙනත් අපේක්ෂකයෙක් නම් කළත් ඡන්ද පත්‍රිකාවේ වෙනසක් සිදුනොවන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

අලුතින් නම්කරන අපේක්ෂකයාට තරග කිරීමට සිදුවන්නේ පෙර අපේක්ෂකයාගේ (අභාවප්‍රාප්ත වූ අපේක්ෂකයා) නමින් බව කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතුරින් එක් අපේක්ෂකයෙකුට 50% ට වැඩි බහුතරය ලබාගැනීමට නොහැකි අවස්ථාවක දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත්  පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න