ජන්ද වියදම් සඳහා සීමාවක් : නීති කැඩුවොත් පොලිස් ඇප නෑ !

ජන්ද වියදම් සඳහා සීමාවක් : නීති කැඩුවොත් පොලිස් ඇප නෑ !

ජනාධිපතිවරණයට අසීමිත ලෙස මුදල් වැය කිරීම තහනම් කෙරෙන නව ක්‍රමවේදය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම ක්‍රමවේදය ප්‍රකාශයට පත් කෙරෙන්නේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමුවරටය. ඒ අනුව නාම යෝජනා දිනයෙන් දින පහකට පසු සියලු‍ ජනාධිපතිවරණ අපේක්ෂකයන් කැඳවා ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකුට වැය කළ හැකි මුදල් ප්‍රමාණය දැනුම් දීමට නියමිතය.

එකී සීමාව තුළ අපේක්ෂකයන් ජන්දයට මුදල් වැය කළ යුතුය. එලෙස ඔවුන් සිදුකරන වියදම් ලැයිස්තුව ඡන්දය හමාරවී දින 21 තුළ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතුය.

අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම වියදම් ලැයිස්තුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඉන් පසු ජනතාවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇත්නම් මැතිවරණ කොමිෂමට හෝ පොලිසියට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ඉන් පසු එම පැමිණිලි විමර්ශනය කොට නීතිපතිවරයා මාර්ගයෙන් වැරදි කළ අයට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජන්ද නීති කැඩුවොත් පොලිස් ඇප නෑ !

ඡන්ද නීති රීති කඩ කරන ඡන්දදායකයන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප නොදී උසාවියට ඉදිරිපත් කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

ඒ අනුව අධිකරණය විසින් ලබාදෙන නියෝග අනුව ක්‍රියා කිරීමට පොලීසිය තීරණය කර ඇත.

පොලිස් ඇප ලබාදීම හරහා යම් ආකාරයකින් පක්ෂග්‍රාහී වීම් සිදුවෙතැයි යන ගැටලු මත මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිධාරියෙක් පැවසීය.

විශේෂයෙන් ඡන්ද නීතී රීති උල්ලංඝණය කරන අය සඳහා දැඩි දඬුවම් දීමට පොලීසිය තීරණය කර තිබේ.

 මූලාශ්‍රය - දේශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න