ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කරන ලද සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.
ඒ අනුව ආරම්භ කර තිබු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද මධ්‍ය රාත්‍රියෙන් අවසන් කරන අතර, මැතිවරණය නිමාවට පත්වන තුරු සාමාන්‍ය පරිදි ග්‍රාම නිලධාරී සේවාවන් ලබා දීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ අද (18) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.
ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව සහ ග්‍රාම නිලධාරි දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින් පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
