සජබ දොර වැහුණු තැන : සිරිසේන ස්වාධීන වෙයි !

සජබ දොර වැහුණු තැන : සිරිසේන ස්වාධීන වෙයි !

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගයක් ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

අද (16) නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන අතර එය පහත දැක්වෙයි .

DOC081724 08172024031712 723x1024
කෙසේ වුවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් ද අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බවයි .

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බවද එහිදී අවධාරණය කර තිබිණ .

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ , පළමුව විජේදාස රාජපක්ෂ වෙත සහාය දීමට ඉදිරිපත්වූ හිටපු ජනාධිපති සිරිසේන පසුව සමගි ජනබලවේගය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට සූදානමක් පැවති බවයි . ඒ සම්බන්ධව ඔහු පොලොන්නරුව ආසන බල මණ්ඩලය කැඳවා වැඩි ජන්දයෙන් යෝජනා සම්මතයක් සිදුකර ගෙන ඇති බව මෙන්ම ඔහුගේ පුත් දහම් සිරිසේන ද කොළඹ දී ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වය කැඳවා යෝජනාවක් සම්මත කර ගැනීමක් සිදුකර ගෙන ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න