වැස්ස ගැන අවවාදාත්මක නිවේදනයක් !

වැස්ස ගැන අවවාදාත්මක නිවේදනයක් !

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත .

ඊට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එම ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මි. මී 100 ඉක්මවූ තද වැසි ඇති ඇති විය හැකි බවද එහි සඳහන්ය .

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කරගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීයි .

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාව හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල මෙම තත්ත්වය හටගෙන තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න