ජනාධිපතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීම ඉලක්කම්වලින් !

ජනාධිපතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීම ඉලක්කම්වලින් !

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම්වලින් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි .

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක සඳහන් කරන්නේ අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී 1 ඉලක්කමෙනුත් මනාපයන් 2 හා 3 ඉලක්කමෙනුත් සටහන් කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී සිදු කරන බවද ඔහු සඳහන් කළේය .

ඡන්ද ගණන් කිරීමේදී මුල් වටයේදීම අපේක්ෂකයෙකුට අංක එක සඳහන් වන මනාපය ගණන් කරන බවත් එහිදී සමස්ත ප්‍රතිවලින් 50%ක් කිසියම් අපේක්ෂකයෙකු ලබාගෙන තිබුණහොත් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවද ඔහු පැවසීය .

නමුත් එසේ නොවුවහොත් පළමු සහ දෙවැනි අපේක්ෂකයන් ඉතිරි කර  දෙක හා තුන්වන මනාප ගණන් කිරීම සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න