හිටපු ජනාධිපතිවරුන්ට සහ ජනාධිපති අපේක්ෂකයන්ටගේ ආරක්ෂාවට විශේෂ කමිටුවක් !

හිටපු ජනාධිපතිවරුන්ට සහ ජනාධිපති අපේක්ෂකයන්ටගේ ආරක්ෂාවට විශේෂ කමිටුවක් !

ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පවසයි.

බුද්ධි තොරතුරු මත එක් එක් අපේක්ෂකයාට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව තීරණය කරන බවද ඔහු සඳහන් කරයි.

මාධ්‍ය වෙත අද (15) අදහස් දක්වමින් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මේ ජනාධිපති කාලසීමාව තුළදී අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් පත්කර තිබෙනවා. මේ කමිටුවේ සභාපතිධූරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමා. ඒ අනුම සෑම අපේක්ෂකයෙකුටම යම් ආරක්ෂාවක් ලබාදීම සිදුවෙනවා. ඊට අමතරව එක් එක් අපේක්ෂකයාට තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරනවා. ඒ තක්සේරුව සිදු කරන්නේ ඒ කමිටුව මගින්. ඒ අනුව කමිටුව තීරණය කරනවා ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය නම් ඒ ආරක්ෂාව වැඩි කරන්න. ඒ අනුව තමා සෑම අපේක්ෂකයෙකුටම ආරක්ෂාව සපයන්නේ. ඒ අනුව එක් එක් අපේක්ෂකයා සහභාගී වන රැස්වීම් සම්බන්ධව කල්වේලා ඇතිව දැනුම්දීමෙන් අනතුරුව ඒ රැස්වීම් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා අවශ්‍ය දැනුම්වත් කිරීම් කරලා ඒ සම්බන්ධීකරණය සිදුකරනවා."

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න