කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ. 15) මෙම නව බස් රථ සේවාව ආරම්භ කර ඇත.
ලංකාවට පැමිණෙන විදේශීකයන් මෙරට තුළ සංචාරය සඳහා ප්‍රවාහන සේවා ආයතනයක පහසුකම් ලබා නොගන්නේ නම්, ඔවුන් සිය බඩු බාහිරාදිය සමග ගුවන් තොටුපොළේ සිට කිලෝ මීටර් 2ක් පමණ දුරින් පිහිටි ඇවරිවත්ත බස් නැවතුම්පොළ කරා ගමන් කළ යුතු ය.
එම නිසා, ගුවන් තොටුපොළෙන් පිටත් වන මෙම නව බස් රථ සේවාව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ අතරමැද නැවැත්වීමකින් තොරව සිය ගමනාන්තය කරා ළඟා වීමට හැකි ය.
මෙම නව බස් සේවාව ක්‍රියාත්මක කර ඇත්තේ, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යංශය, පෞද්ගලික බස් රථ සමාගමක් විසිනි.
ඒ අනුව, මෙම නව සේවාව සඳහා සුඛෝපභෝගී බස් රථ 10ක් යොදවා ඇති අතර එක් ගමන් වාරයකට රුපියල් 3,000 ක මුදලක් එක් මගියෙකුගෙන් අය කරනු ලබයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
