ජනකට පක්ෂය දෙන්න අල්ලස් ඉල්ලු නඩේ ඇතුලේ !

ජනකට පක්ෂය දෙන්න අල්ලස් ඉල්ලු නඩේ ඇතුලේ !

සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සිදුකළ පැමිණිල්ලකට අනුවය.

තමාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා එම පක්ෂයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් මූල්‍යමය අල්ලසක් ඉල්ලා සිටි බවට ජනක රත්නායක අද (14) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් මත ජනක රත්නායක මහතා ඒ පක්ෂයේ අපේක්ෂකත්වය පිරිනැමීම සඳහා ලබාදෙන ලෙස පැවසූ රුපියල් කෝටි 03ක මුදලක් ද සමගින් අද පස්වරුවේ රාජගිරියේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණ තිබුණි.

ඒ අනුව වෙළඳ සංකීර්ණයේ ඉහළ මාලයේ පිහිටි කාර්යාලයක් තුළදී ජනක රත්නායක ට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් සරත්චන්ද්‍ර වීරවර්ධන මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් පිරිසක් හමුවී තිබේ.

එහිදී අදාල මුදල ඔවුන් වෙත ලබාදීමත් සමග ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් පක්ෂයේ ලේකම්වරයා වන සරත්චන්ද්‍ර වීරවර්ධන ඇතුළු පක්ෂයේ සාමාජිකයන් 8දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පිරිස අතර එම පක්ෂයෙන් 2015 වර්ෂයේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ රුවන්තිලක පේදුරුආරච්චි නැමැත්තා ද සිටි බව පැවසෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස හෙට (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ ජනක රත්නායක අද පෙරවරුවේ ඇප තැන්පත් කරනු ලැබුවේ ද එක්සත් ලංකා පොදුජන පක්ෂයෙනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න