රිෂාඩ් ,චම්පික , ඩිල්ෂාන් : තුන් දෙනාම සජිත්ට !

රිෂාඩ් ,චම්පික , ඩිල්ෂාන් : තුන් දෙනාම සජිත්ට !

ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසන්නේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්ව මෙම තීන්දුව ගනුලැබූ බවයි.

එසේම එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජනරජ පෙරමුණ, සමගි ජන සන්ධානය සමග සන්ධාන ගත වීම අද (14) සිදුකෙරුණි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී. එම්. ඩිල්ෂාන් ද ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය දැක්වීමට ඉදිරිපත් ව ඇත.

ඔහුව සමගි ජනබලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස පත්කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න