හිටපු අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දීමට තීරණය කර ඇත.
මෙම තීන්දුව ගන්නා විට ඔහු සමගි ජනබලවේගය පක්ෂයේ ආසන සංවිධායකයකු ලෙස දේශපාලන ක්‍රියාකාරීත්වයේ යෙදෙමින් සිටියේ ය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට සමගි ජනබලවේගය පක්ෂය වෙත කිසිදු නිර්නායකයක් නොමැතිව රාජපක්ෂ කඳවුර නියෝජනය කළ දුෂ්ඨ උපදේශකයන් එක්කර ගැනීම මෙම තීන්දුව ගැනීමට හේතු වී තිබේ.
එසේම රට ඉතිහාසයේ මුහුණදුන් දුෂ්කරම ආර්ථික අර්බුදයට මුහුණදී සිටියදී කිසිවෙක් ඒ පීඩනයෙන් ජනතාව මුදවා ගැනීමට ඉදිරිපත් නොවීමත් , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේ ඉදිරිපත් ව මේ වන විට රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ඇති බැවින් , ඉදිරි වසර 5ක කාලය සඳහා ද ඔහුට අවස්ථාව ලබාදිය යුතු බව පවසමින් හිටපු අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
