වැඩිවන අපේක්ෂකයෙකුට රු. මිලියන 200ක් වැයවෙනවා

වැඩිවන අපේක්ෂකයෙකුට රු. මිලියන 200ක් වැයවෙනවා

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ඔහු එබව කියා සිටියේ, ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා,

"එක අපේක්ෂකයෙක් වැඩි වුණ ගමන්, අඩුම ගානේ මම නම් කියන්නේ මිලියන 200ක් විතර අපේ වියදම වැඩි වෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ. මතවාදමය වශයෙන් එන කිහිපදෙනෙක් ඉන්නවා. අපිට කිසි ගැටලුවක් නෑ මතවාදය වෙනුවෙන් ඒ මිනිහා දෙන්නෙක් එක්ක හරි පෙනී ඉන්නවා. හුඟාක් දෙන්නේ මීඩියාවල කාලය අරගන්න. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙන පක්ෂයකින් ඉල්ලන්න හරි නැත්නම් සංස්ථා සභාපති කෙනෙක් හරි, ගල්වළක් හරි වැලි පර්මිට් එකක් හරි මොනවා හරි තමා පිටිපස්සේ තියෙන්නේ. බැලට් පේපර් එකක් ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්නේ අඟල් 27.5යි. ඒක පැන්නොත් අපිට සිදුවෙනවා පේළි දෙකකට යන්න. අපි ඡන්ද පෙට්ටියකට දාන ඡන්ද පත්‍රිකා ගාන අඩුවෙනවා. අඩු වුණාම පෙට්ටි වැඩි වෙනවා. එතකොට මුල ඉඳලම වියදම වැඩිවෙනවා. වෑන් එකක් ගත්තහම කැබ් එකට ගෙනවන ගාන ගෙවන්න බෑ. වෑන් ඔක්කෝම ප්‍රයිවට් ගන්න වෙනවා. වැල වගේ වියදම එකට එකට වැඩි වෙනවා. වියදම වැඩි වුණාට කමක් නෑ සැබෑ මතවාදයක්, නියෝජනයක් වෙනුවෙන් නම්. පසුගිය මැතිවරණ ගණනාවේ ම ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා හැරුණු විට සියලුම අපේක්ෂකයෝ අරන් තිබුණේ 5%ට වඩා අඩුවෙන්. එක තනතුරක් වෙනුවෙන් නේ මේක තියෙන්නේ. රටට ආදරේ කරන අපේක්ෂකයෝ නම් ඒ ගැන හිතන්න ඕනේ."

ජනපති සටනට දැනටම 24ක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ නැග ඇත.

පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ එකොළොස් දෙනෙක්ද, වෙනත් දේශපාලන පක්ෂවලින් අයෙක්ද ඡන්ද හිමියකු විසින් නාම යෝජනා කෙරුණු අපේක්ෂකයෝ දොළොස් දෙනෙක්ද මීට ඇතුළත් වෙති.

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, සරත් කීර්තිරත්න, අනිල් හේරත්, ඒ.එස්.පී ලියනගේ, පී.ඩබ්ලිව් බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, බත්තරමුල්ලේ සීල රතන හිමි, අක්මීමන දයාරතන හිමි, සිරිපාල අමරසිංහ , කේආර් ක්‍රිෂාන්, පානි විජේසිරිවර්ධන, ඇන්ටනී වික්ටර්‍ර් පෙරේරා, මුහම්මත් ඉල්ලාස්, ප්‍රේමසිරි මානගේ, සිඩ්නි ජයරත්න සහ ඩී.එම් බණ්ඩාරනායක එම අපේක්ෂකයෝ වෙති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න