ෆොන්සේකාගේ සහාය රනිල්ටද ? අනුරටද ?

ෆොන්සේකාගේ සහාය රනිල්ටද ? අනුරටද ?

සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය වෙත සහාය දැක්වීමට වැඩි ඉඩක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ බව හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර විසින් අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම හරහා ද හැඟුණු බවත් එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ඇප තැම්පත් කර ඇත.

එසේම ෆොන්සේකා මන්ත්‍රීවරයා සජබ සභාපති ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද පවසා සිටියේ තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවයි.

මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය වල දැක්වෙන්නේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය පළකරනු ඇති බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න