නාමල් දාලා හිනස්සනවා !

නාමල් දාලා හිනස්සනවා !

පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර රට හිනස්සවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙන්ති පැවසිය.

සුනිල් හදුන්නෙන්ති ඒ බව සඳහන් කර සිටියේ ජාතික ජන ජන බලවේගය විසින් දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන බැංකු මූල්‍ය සංසදයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අමතමිනි .

මෙම වැඩසටහන ජාතික ජනබල වේගය රජයක් යටතේ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත මූල්‍යමය කළමනාකරණ කටයුතු පිළිබඳව බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රවල නියැලී සිටින නිලධාරී දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබුණි.

මෙහිදි අදහස් දැක් වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ අද හොරු සෙට් එක දෙකට බෙදිලා එදා ඉදන් කරපු හොරකම් මැරකම් ඔක්කොම වමාරනවා හෙට අනිද්දා සහරාන්ට බෝම්බ ගහන්න කිව්වේ කවුද බෝම්බ හදලා දුන්නේ කවුද කියන එක වමාරයි සෙට් එකම, යනුවෙනි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න