ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ගිවිසුමක් අද (07) අත්සන් කෙරිණි.
එම ගිවිසුම අත්සන් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතරය.
මේ සමඟ හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ ශ්‍රීලනිප හිටපු ලේකම්වරයකු වන රෝහණ ලක්ෂ්මන් පියදාස ද සජබට එක්ව තිබේ.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෝකවාර්තාවකට හිමිකම් කියන තැනට පත්ව ඇත. ඒ එකම පක්ෂය ජනාධිපති අපේක්ෂකයන් තුන් දෙනෙකුට සහාය දෙමිනි.
ඒ ශ්‍රීලනිප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ බහුතර පාර්ලිමේන්තු මැති ඇමති පිරිස ජනාධිපති අපේක්ෂක , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට, ශ්‍රීලනිප සිරිසේන පාර්ශ්වය ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ ට සහ දයාසිරි පාර්ශ්වය සජිත් ප්‍රේමදාස ට වශයෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
