රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (06)පැවැත්විණි.
මෙහිදී මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් තිබෙන ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත් කෙරිණි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍යය සංජීව තෙන්නකෝන් සහ ප්‍රධාන ලේකම වෛද්‍ය ප්‍රභාත් සුඛ දාස ඇතුළු විධායක සභාවේ නිලධාරි මණ්ඩලය සමග පැවති මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන ද එක්ව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
