ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂක ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ නම් කිරීමට තීරණය කර ඇත.
පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය එම පක්ෂයේ උත්තරීතර නායක, මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ මුලස්ථානයේදී සිදුවිය.
එහිදී නාමල් රාජපක්ෂගේ නම යෝජනා කරනු ලැබුවේ ඔහුගේ පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.
නාමල් රාජපක්ෂ ගේ නම ප්‍රකාශයට පත්කිරීමට අදාල හේතු පාඨය එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් ප්‍රකාශයට කරනු ලැබිය.
පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
