ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් අද (06) වන විට 18 දෙනෙකු ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ද අද එම පක්ෂයේ පිරිසක් ඇප තැම්පත් කිරීම සිදුවිණ.
මේ අතර මැතිවරණ කොමිසම පවසන්නේ ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බවයි.
ජූලි 31 වනදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවද කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
