ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොදුජන පෙරමුණ මහනුවර රැජිණ හෝටලයේදී සංවිධානය කර තිබූ රැස්වීමක් අතරමග නතර කර දැමීමට සිදුවූ පුවතක් වාර්තා වෙයි.
ඒ එම රැස්වීම සඳහා පොදු ජන පෙරමුණේ මහජන නියෝජිතයින් අපේක්ෂා කළ පරිදි සහභාගී නොවීම මතයි.
පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර, ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ගේ ප්‍රධානත්වයෙනි.
කෙසේ වුවත් මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පමණක් ඊට සහභාගි ව සිට ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට බලාපොරොත්තු වූ පරිදි ප‍්‍රාදේශීය දේශපාලඥයන් සහභාගී නොවීම මත මෙම රැස්වීම වේලාසනම අවසන් කිරීමටද කටයුතු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
