ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
ඔහු ඒ බව සඳහන් කර සිටියේ අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් වන තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස ද එක්ව සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙසේද පැවසීය.
"අලුත් කණ්ඩායමකට රට භාර දෙන්නට නම් සමගි ජන බල සනධානයේ එවැනි ශක්තිමත් නායකයින් ගණනාවක් ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා මේ ගමන ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ක්‍රියාදාමය යනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ අන්‍යයතාවය තියාගෙන පක්ෂය විදිහට වෙනම ඡන්ද ව්‍යාපාරයක් අපි ක්‍රියාත්ම කරනවා. අපේ ආදරණීය පාක්ෂිකයින්ගෙන් අපි ඉල්ලනවා අපි ගත්තේ මේ වෙලාවේ ගතයුතු නිවැරදිම තීරණය කියලා."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
