ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට ඉතිරි වී සිටින මන්ත්‍රීවරුන් පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීම සඳහා එක්වන බව රාජ්‍ය ඇමති පියල් නිශාන්ත සඳහන් කරයි.
පොදුජන පෙරමුණේ බහුතර මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට සහාය ලබා දීමට තීරණයක් ගත්තේ පාක්ෂිකයන් හා හා රට ගැන සිතා බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මේ බව සඳහන් කර සිටියේ බම්බලපිටිය ලෝරිස් පෙදෙස පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
‘පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ඉතාම සුළු පිරිසක්, සියලු මන්ත්‍රීවරු එක්ක කතා කරානම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. මේක කීපදෙනකුගේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක්. බැසිල් සහ මහින්ද බොහෝම ප්‍රජාතන්ත්‍රවාදීව හොඳ තීරණයක හිටියා. හැබැයි එතැනට කුමන හෝ විෂබීජයක් ඇතුළු වුණා. කොහොම වුණත් අපිට පොදුජන පෙරමුණ හෝ අපේක්ෂකයෙක් එක්ක තරහක් හෝ තරගයක් නෑ’
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
