පොදුජන පෙරමුණේ තවත් පිරිසක් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා දීමට එක් වීමේ සූදානමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.
පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්විය යුතු බව පවසන පාර්ශ්වය ලෙස තවත් පක්ෂ එක් කර ගනිමින් නව සන්ධානයක් ගොඩනැගිමට තීරණය කර ඇතිබවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංත්‍රීවරුන් 93 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට ඊයේ (31) පැමිණි බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු දකින්න ලැබුණත් පොදුජන පෙරමුණේ කියා අපේක්ෂකයකු පෙනෙන්නත් නැති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
