ග්‍රෑම් 450 කින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමත් සමඟ පාන් මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර පැවසීය.
පාන් මිල සම්බන්ධයෙන් දැනගැනීමට පාරිභෝගිකයින්ට අයිතියක් තිබෙන බවත් ඒ අනුව අඩු කළ මිල අනිවාර්යෙන්ම වෙළඳසැලේ ප්‍රදර්ශනය කළ යුතු බව ද ඔහු පැවසීය.
අඩු කළ පාන් මිල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් අද (27) සිට දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
