සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) උදෑසන ඇප මුදල් තැන්පත් කළා.
ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි.
ඔන්න ඒත් එක්කම හෙට 27, ඒ කියන්නේ සෙනසුරාදා ගාල්ලේ තියන ජන රැලියේදී රනිල් සුබ ආරංචිය කියන්න යනවා කියලත් ආරංචියි.
එක්ව ජයගමු - අපි ගාල්ල මැයෙන් පැවැත්වෙන මේ ජනරැලිය සංවිධානය කරන්නේ රමේෂ් - මනුෂ කියන අමාත්‍යවරුන් සහ එජාප සභාපති වජිර මන්ත්‍රීවරයා ගේ මුලිකත්වයෙන්.. එදාට ආණ්ඩුවේ මැති ඇමතිවරු සෑහෙන පිරිසක් ගාලු එන්න ඉන්න බවත් ආරංචියි.
ඒ කියන්නේ ජනාධිපතිවරණයට ඇප මුදල් තියලා හා හාපුරා කියලා ජනාධිපති රනිල් දකුණෙන් වැඩ අල්ලන්න යන්නේ. ඒ වගේම ජනාධිපතිවරණය කල් දාන්න යනවා කියලා විපක්ෂය කරේ තියාගෙන දිව්වට රනිල් ජනාධිපති හීනියට තමන්ගේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට ගෙනිහින් විතරක් නෙවෙයි , මුලින්ම ඇප මුදල් බඳින්න පවා සැලසුම් කරලා. ජනාධිපති ගේ ගැටේකට විපක්ෂයේ ඇත්තෝ අහුවුණාද කියලත් හිතුනට වැරදි නෑ වගේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
