මේ වෙලාවේ රනිල් තමයි : ප්‍රවාහන සංගම් එකට එක්කර රවි කියයි !

මේ වෙලාවේ රනිල් තමයි : ප්‍රවාහන සංගම් එකට එක්කර රවි කියයි !

විදෙස් සංචාරකයන් ඇතුළු මගී ප්‍රවාහනය හරහා රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන ත්‍රීරෝද රියදුරන් ගේ වෘත්තීය භාවය උසස් කිරීම අරමුණු කර ගනිමින් ත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක් ඉදිරි දින කිහිපය තුළ එළිදැක්වීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් , හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවසීය.

මීට වසර දෙකකට පෙර අඳුරුව තිබූ රට නිවැරැදි දිශාවට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බවත් එම තත්ත්වය ඉදිරියට පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ද අවධාරණය කළ හිටපු අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මේ මොහොතේ රනිල් බවද පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ ඊයේ (18) වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක්වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

මගී ප්‍රවාහනය ඇතුළු රජයට බරක් නොවී රටේ ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන ත්‍රීරෝද රථ හිමියන් ඇතුළු මගී ප්‍රවාහන සංගම් මුහුණදී සිටින ප්‍රශ්න පිළිබඳව සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසාදීම සම්බන්ධයෙන් එහි පැමිණ සිටි නියෝජිතයෝ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ට සිය කෘතඥතාව පලකළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මෙසේද පැවසීය.

අද රට නිසි මාර්ගයක ගමන් කරමින් සිටින නිසා වෘත්තීය රියැදුරන් වශයෙන් ඔබ සංගම් කිහිපයක් එකතුව නව ප්‍රවාහන සංගමයක් ද පිහිටුවනු ලැබුවා. එය වැදගත් පියවරක්.

එක් ආර්ථික ප්‍රතිපත්තියක් මත මේ රට ඉදිරියට ගෙන යාමට දැන් අපට අවශ්‍යයි. එදා මේ රටේ පෝළිම් යුගයක් පැවතුණා. එක පිරිසක් උදෑසන පෝලිම්වල හිටියා. තවත් පිරිසක් සවස පෝලිම්වලට එකතු වුණා. තවත් කිහිප දෙනෙක් පෝලිම්වල සිටියදී මියගියා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් භාර ගනු ලැබුවේ එවන් වූ අඳුරු රටක් බව සිහිපත් කළ යුතුයි. අද එතුමා රට නිවැරදි දිශාවකට ගෙන යමින් සිටිනවා. එම තත්ත්වය තවදුරටත් පවත්වා ගත යුතුයි. ඒ වෙනුවෙන් මේ වෙලාවේ සුදුසුම රනිල් වික්‍රමසිංහ යළිත් ජනාධිපති කරවීමයි.

ලක්ෂ 8කට වැඩි පිරිසක් ත්‍රිරෝද රථ වෘත්තියේ නිරතව සිටිනවා. රටේ දේශපාලන අස්ථාවරත්වය නිසා ඔබ පසුගිය කාලයේ විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ත්‍රිරෝද රථ වෘත්තීය නියාමනය කළ යුතුව තිබෙනවා. රටේ පවතින ස්ථාවරත්වය නිසා නැවතත් විදෙස් සංචාරකයන් අප රටට පැමිණෙමින් සිටිනවා. රටේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට ත්‍රිරෝද රථ රියැදුරන් විශාල සේවයක් ඉටු කරනවා. ත්‍රීරෝද රථ රියදුරන් ගේ වෘත්තීය භාවය උසස් කිරීම අරමුණු කර ගනිමින් ත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක් ද ඉදිරි දින කිහිපය තුළ එළිදැක්වීමට ද අප බලාපොරොත්තු වෙනවා.Threewheel Drivers Meeting 15

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න