මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල යන දෙදෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
එසේම ඊට අදාළ නඩු විභාගයද එළඹෙන 25 වනදා දක්වා කල් දැමීමට අධිකරණය නියෝග කර තිබෙන බවද අධිකරණ ආරංචිමාර්ග සඳහන්කර සිටියි.
ඒ අද (14) එම නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයටගත් අවස්ථාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
